fbpx

පැරණි ජීවිතයෙන් එපිටට..

අපිත් එක්ක එන්න...,අපිත් එක්ක ඉන්න.., අපිත් එක්ක සිනාසෙන්න.,අඬන්න.., නටන්න .., ගයන්න.., මේ හැම දෙයක්ම කරන්න නම් අපි කවුද කියන එක දැන ගන්න වෙනවාමයි නේද..? ඔව් ඒක අපි කියන්නම්.. 

මේ ඉමක් නැති සයිබර් අවකාශයේ විවිධ වපසරි සීමාවන් අතර අපිත් සලකුණු කළා...mirrorgirl.lk. ඇයි ඒ..? අපිට කතා කළ යුතු බෙදාහදා ගතයුතු වූ බොහෝ දේ තිබුණා.. ඒ උනත් සීමාසහිත මිනිස් කම් ඇතුලේ බොහොදේ තහනම් උනා. අපිව බියපත් කළා.. ලැජ්ජාවට පත් කළා.. අපෙන් සැඟවූවා.. සඟවන්නට බල කළා.. තාඩනයන්ට පීඩනයන්ට යටත් වෙන්න සිදු උනා.. අපිට උදම් අනන්න වී තිබෙන්නෙ අපිට අනුමත වූ දේ ගැන විතරයි.. නේද..?

ඉතින් අපේ කතාව මෙතැනින් ඉවරයි.. අපිට අවශ්‍ය අපව නවත්වා ඇති තැනින් එපිටට යන්නයි..

එහිදී ජාතියක් ආගමක් කුලයක් පාටක් භාෂාවක් අපට අවශ්‍යම නැත.. ස්ත්‍රීත්වය යනු මනුෂ්‍යත්වයේ සමාන අනෙක් කොටස බව පමණක් හෝ ‍තෝරාදීම අපගේ වෑයමයි..ඒ හා ඔයාලටත් එකතු වන්න පුලුවනි නේද..?

Follow Us

Copyright © 2024 Vishmitha.com. All Rights Reserved.

Search

+94 714906354 | +94 719760399