fbpx

‘රෑ ඉරපාන’ යනු ශී‍්‍ර ලාංකේය ගුවන් විදුලි වැඩසටහන් ඉතිහාසයේ සුවිසෙස් සංධිස්ථානයක් සනිටුහන් කළ අනන්‍ය, අපූරඣව වැඩසටහනකි. එහි වැඩසටහන් විලාශය, රචනය, කථනය සහ සියලූම නිර්මාණාත්මක කටයුතු ඉටුකරන ලද්දේ ප‍්‍රකට ගේය පද රචකයෙකු, මාධ්‍යවේදියෙකු වන බන්ධුල නානායක්කාරවසම් විසිනි. 2011 සැප්තැම්බර් 11 වැනිදා සිට 2013 දෙසැම්බර් 22 වැනිදා දක්වා නොකඩවා පැය දෙකක මෙම සංගීතමය ගුවන් විදුලි වැඩසටහන වසර දෙකහමාරකට ආසන්නව ඔහු විසින් මෙරට යහපත් ගීතය අගයන සුවහසක් රසික ප‍්‍රජාව උදෙසා සංග‍්‍රහ කරන ලදී. ඉරිදා රාති‍්‍රයේ 7.00 ට ඇරඹුණු ‘රෑ ඉරපාන’ පෙරකී යුගය අරා රාතී‍්‍ර 9.00 දක්වා දෙරණ ගුවන් විදුලියේ විකාශය විය. එමතු ද නොව, එකී ඉරිදා වැඩසටහන පසු සතියේ සෙනසුරාදා උදේ 8.00 සිට 10.00 නැවත විකාශය විය. රෑ ඉරපානේ සහෘදයෝ අනන්ත අප‍්‍රමාණ වූ සමාජමය, යුගමය, රුචිකත්වමය පරාසයක වූවෝ වූහ. එමෙන්ම එතෙර අදහාගත නොහැකි රසික ප‍්‍රජාවක් ‘රෑ ඉරපාන’ හා ප‍්‍රාණසමව බද්ධ විය. ‘රෑ ඉරපාන’ට ලැබුණු ඇසිදිසි මෙන්ම වාචික, ලිඛිත පෞද්ගලික භක්ත්‍යාදරය ඇදහිය නොහැකි තරම් විය. ‘රෑ ඉරපාන’ 2013 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ දී වසරේ හොඳම සංගීතමය ගුවන් විදුලි වැඩසටහනට හිමි ස්වර්ණ සම්මානය දිනාගනු ලැබීය.

Follow Us

Copyright © 2024 Vishmitha.com. All Rights Reserved.

Search

+94 714906354 | +94 719760399