fbpx

යහපත් හෙටක් , මිනිසත් ලොවක් වෙනුවෙන් .......
මේ වන විට සිංහල භාෂීය වෙබ් අඩවි බොහෝ ගණනක් සයිබර් අවකාශයේ ඇත.

සයිබර් අවකාශයේ Sarpaya.com ස්ථානගත වනුයේ කොතැනකද?

නිශ්චිතවම වෙබ් පිටුවල බත් ඔතන්නට බැරි නිසා සයිබර් අවකාශයේ පාවි පාවී තිබෙන සයිබර් කසල ගොඩක්බවට පත්නොවන යමක් එකතු කරන්නට අප අදහස් කරමු.

මෙය මතවාදී වශයෙන් විවිධ කාරණාවන්, ක්ෂේත්‍රයන් සහ විෂයයන් අරභයා යම් කතිකාවක් මතු කරන්නට හා තිබෙන කතිකාවන්ට යම් දායකත්වයක් දෙන්නට අදහස් කරන විශේෂාංගමය වෙබ් අඩවියකි. එය සාහිත්‍ය කලා, ශාස්ත්‍රීය, මතවාදී ඉසව් කරා මෙන්ම විවිධ විෂයයන් කරා විහිදෙයි.

මෙහි පළ වන ප්‍රවෘත්තිද එම වපසරියට සීමා වනු ඇත. ලෝකය වඩාත් යහපත් ආකාරයකට ගොඩනැගීම උදෙසා මතවාදීව වෙනස් ආකාරකින් සියල්ල දකිනා සියළු ආකාරයන්ට හා සියළු දෙනාටම ස විවෘතය.

ඔළුව කැක්කුමට කොට්ටය මාරු කරන්නට යෝජනා කරන මෙන්ම ඉඟුරු දී මිරිස් ගන්නට වලි කන ලියවිලිවලට මෙහි දොර විවෘත නොවනු ඇත.


සංස්කාරක මණ්ඩලයේ අපි-

කේ.කේ. සමන් කුමාර (සර්පයා)

ජයසිරි අලවත්ත

නිලන්ත ගමගේ

හෂිත අබේවර්ධන

Follow Us

Copyright © 2024 Vishmitha.com. All Rights Reserved.

Search

+94 714906354 | +94 719760399